“Sri Lanka Event Calendar” නිල වෙබ් අඩවිය දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ උත්සව සහ ප්‍රදර්ශන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට උසස් කරමින් එය ඩිජිටල්කරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස “Sri Lanka Event Calendar” නිල වෙබ් අඩවිය (srilankaevents.lk) ඊයේ (23) දියත් කරන ලදී.

ලංකාව පුරා පැවැත්වෙන සංස්කෘතික, ක්‍රීඩා සහ ව්‍යාපාරික ඉසව් පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන තොරතුරු එක් ස්ථානයකින් ලබාදෙන ජාතික ඩිජිටල් දිනදර්ශනයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

විදේශ සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ විශේෂ උත්සව පිළිබඳ පහසු ප්‍රවේශයක් ලබාදීම මඟින් සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමත්, දේශීය ඉසව් සංවිධායකයින්, ව්‍යාපාරිකයින් සහ කලාකරුවන් සඳහා නව වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීමත් මෙහි අරමුණ වේ.

එසේම, විධිමත් සම්බන්ධීකරණයක් ඔස්සේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ “Event Hub” එකක් බවට පත් කිරීමත්, තාක්ෂණය හා දේශීය දක්ෂතා එක් කරමින් විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමත් මෙම පද්ධතියේ ප්‍රධාන ඉලක්කයන් ලෙස සඳහන් වේ.