දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්යන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පූර්ව අනතුරු ඇඟවීම අද (23) පස්වරු 4:00 සිට හෙට (24) පස්වරු 4:00 දක්වා වලංගුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය:- රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.

රත්නපුර දිස්ත්‍රික්කය:- කුරුවිට, කලවාන, රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.