ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී කෘතඥතාව පළ කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය අරග්චි සහ අමාත්‍ය විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.








