පාස්කු ප්‍රහාරය සිදු වී වසර හතක් සපිරේ

කෙසේ වෙතත් තවමත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වය නම් තවම හිමි වී නැත,

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මේ ප්‍රහාරය ජාතීවාදය ඇතිකරමින් යම් පිරිස් බලය ලබා ගැනීමට සිදුකල එකක් බව කීවේ ඔවුන්ගේ මැතිවරණ වේදිකා වල කිතුණු ජනතාවට සාධාරණයත්වය ඉටු කර හැකියි යන්න පවසමිනි.

බලයට පත් වී මෙන් පසු පලමු පාස්කු සැමරුමට පෙර එනම් 2025.03.31 දින පැවසූවේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුරුන් ද පවසන බවය

එහෙත් එය සිදු වූයේ නැත

එදා ප්‍රහාරය සිදු වන විට CID ප්‍රධානියා අද පොලිස් අමාත්‍යංශයේ ලේකම්,CID අධ්‍යක්ෂක වරයාත් අද පොලීසියේ තවත් උසස් නිලධාරියෙක්, නැගෙනහිර ආඥායපති අද නියෝජ්‍ය ආරක්ෂක ඇමති

මේ සියල්ලම තිබෙද්දී නිවැරදි පරික්ෂණයකට තවත් කල් මරන්නේ ඇයි දැයි අපි ආණ්ඩුවෙන් අහනවා

ඒ වගේම මේ පරීක්ෂණ නිවැරදිව විනිවිද භාවයකින් යූක්තව සිදූවන වාද යන්නත් අපට නම් ඇත්තේ සැකයකි

ඒ මොකද කියනවනම් පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන් අත්අඩංගුවට ගන්නවාට එරෙහිව ශ්‍රේශ්ටාධිකරණයට පෙත්සම් ලබා දුන් දෙදෙනෙක් අද මේ පරික්ෂණ වල මුල් පුටුවේ වාඩි වීම කෙතරම් යුක්තිසහගතදැයි අපට නම් නොතේරේ.

මෙවරද පාස්කු ප්‍රහාරයට දින ලංවනවාත් සමගම මහමොලකරු ලෙස කියමින් රට ජාතිය බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කල රණවිරුවන් අත්අඩංගුවට ගෙන මහමොලකරු නාටකය රගදැක්වීම නිමා කර කිතුණුවන්ගේ කදුලු තුලින් ඔබේ දේශපාලන ගමන ඉදිරියට යාමට සූදානම් වුවද එයට අප ඉඩ ලබා දෙන්නේ නැත

විමර්ෂණය කල හැකි සාක්ෂි ඕනා තරම් තියාගෙන ඒවා නොකර මෙලෙස අත්තනෝමතික ලෙස හැසිරෙන්නේ නැතිව පටු දේශපාලන පලිගැනීම සිදු නොකර කිතුණු ජනතාව ට ඔබ දුන් පොරොන්දු ඉටු කරන ලෙසට අප රජයට බල කර සිටිනවා.

පුබුදු ගමගේ
ජාතික සංවිධායක
ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය