අවුරුදු කාල සීමාව තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් ලද සමස්ත ආදායම රුපියල් මිලියන 536 (රුපියල් 536425675)ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.
අප්‍රේල් මස 10වෙනිදා සිට අප්‍රේල් මස 20 වෙනිදා දක්වා කාලය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථවාහනවලින් මෙම ආදායම ලැබී තිබෙනවා.
එම කාල සීමාව තුළදී අධිවේගී මාර්ග භාවිතා කරන ලද රථ වාහන සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයක්(1431319) බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.








