තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් හෙට (20) සිට නැවත ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17වනදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.








