හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කෙරේ

හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.