මාර්තු මාසයේ සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල වර්ධනයක්

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, මාර්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළා.

එමෙන්ම, ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ද මාර්තු මාසය තුළ වර්ධනයක් දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

මූල්‍ය සේවා අංශයෙහි ණය ලබාදීමේ ක්‍රියාකාරකම් ඉහළ යාමක් ද මාර්තු මාසය තුළ දක්නට ලැබෙනවා.

මීට අමතරව, උත්සව සමයේ අධික ඉල්ලු‍ම හේතුවෙන් තොග සහ සිල්ලර වෙළඳාම ආශ්‍රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ.