බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 37ක් වූ ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් බව පොලීසිය පැවසීය.  

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

අරලගංවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.