වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (17) රාත්‍රියේ තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
මියගිය තරුණයා සිය මව, පියා, සහෝදරයින් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමග නිවසේ ජීවත්ව සිට තිබේ.
එහිදී ඝාතනයට ලක්වූ තරුණයා හා මවගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, මවගේ වැඩිමහල් සහෝදරයා විසින් එම තරුණයාට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අපරාධයට සම්බන්ධ අවුරුදු 58ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








