පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් අද (17) දිනයේ ක්‍රියාත්මක නොවන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පරිගණක පද්ධතියේ ඇති වී තිබෙන හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර, මේ වන විටත් එය යථා තත්ත්වයට පත් කරමින් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
පවතින තත්ත්වය හේතුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද දිනයේ ක්‍රියාත්මක නොවන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.








