අතපසුවීම් වෙන්න පුළුවන්, ඒවා හදාගෙන ඉදිරියට යනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
කාල්ටන් නිෙවසේ සිදුකරන ලද අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
Òවිශේෂයෙන්ම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ සංස්කෘතිය සිංහල, දමිළ සියලු දෙනා එකට සංස්කෘතික අංගයක් විදිහට සමරන මේ අවස්ථාවේ අපේ ඊළඟ පරම්පරාවට ඒක ආරක්ෂා කරල දෙන්න ඕන.
ඒ වගේම ඉතිරි මතු පරම්පරාවට දෙන්න ඕන ඒක තමයි අපේකම සහ අපේ බේස් එක අඩිතාලම.
අපි හැදුනේ එතනින් වැඩුණේ එතනින් ඉතින් මං හිතනවා අභියෝගාත්මක වසරක් වගේ පෙනුනත් මේ අවුරුද්දේ ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද එය අභියෝග ජයග්‍රහණය කරගෙන සුබ අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා.
අපේ ඉතිහාසයේ යම් අතපසුවීම් වෙන්න ඇති යම් වැරදි වෙන්න ඇති ඒවා හඳුනගන්න ඕන. ඒවා පිළිගන්න ඕනෑ. ඉතින් එතනින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාතියක් විදියට ගොඩනැඟෙන්නේ කොහොමද කියන කාරණයට මේ රටේ තරුණ පරම්පරාව ඉදිරියට යා යුතුයි.
නුවන් කොඩිකාර








