පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් හෙට ක්‍රියාත්මක නොවන බවට දැනුම් දීමක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් හෙට (17) දින ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

එහි පරිගණක පද්ධතියේ ඇති වී තිබෙන හදිසි බිඳ වැටීමේ කටයුතු යථාවත් කරමින් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන එක්දින සේවාව සහ සෙසු සියලුම මහජන සේවාවන් හෙට දින ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images