හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තුවක් මත ඔහුගේ නිවසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ T-56 මැගසින් දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

චන්දන කත්‍රිආරච්චි මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නියෝජනය කර ඇති අතර, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් තරග කර තිබුණා.