මහඔය පොලිස් වසමට අයත් බෝගමුයාය ප්රදේශයේ පොල්ගස්තලාව රක්ෂිතයේදී වන අලියෙකු පහරදීම නිසා ඊයේ (15) රාත්රියේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහඔය පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ උණුවතුර බුබුල ප්රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
රක්ෂිත ප්රදේශයට මුදාහැර සිටි තම ගවයන් පරීක්ෂා කර බලා, ඔහු නැවත සිය නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනපේක්ෂිත වන අලි ප්රහාරයට ලක්ව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.








