අප්‍රේල් 10 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාර්ග අනතුරු 42කින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.
අලුත් අවුරුදු දින තුන වූ 13, 14 සහ 15 යන දිනවල පමණක් මාරක අනතුරු 19 ක් වාර්තා වූ බවත්, ඉන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති බවයි අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එම අනතුරුවලින් වැඩිම සංඛ්‍යාව ලෙස යතුරුපැදි අනතුරු 16 ක් වාර්තා වී තිබෙන අතර, ඊට අමතරව ත්‍රිරෝද රථ 04 ක්, වෑන් රථ 04 ක්, මෝටර් රථ 02 ක්, කැබ් රථ 02 ක්, පාපැදි 02 ක් සහ අනතුර සිදුකර පලායෑමේ සිදුවීමක් ද වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළා.
2025 වසරේ අවුරුදු දින තුන තුළ අනතුරු 25 ක් සහ මරණ 26 ක් වාර්තා වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ එම සංඛ්‍යාව 19 දක්වා පහළ බැස ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.








