කළු ජූලිය,භීෂණය, අරගලයත් රට වැටීමට බලපෑවා: නාමල්

Messenger
1983 කළු ජූලිය ,1988-89 ,භීෂණ සමය, 2022 වර්ෂයේ පැවැති අරගලය ඇතුළු ඉතිහාසගත කාරණා හේතුවෙන් රට ප්‍රබලව කඩාගෙන වැටුණු බවත් එම එම වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට සියලු දෙනාම ක්‍රියා කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික, සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ කාල්ටන් නිවසේ සිදුකරන ලද අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් .

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසුවා.

“විශේෂයෙන්ම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ සංස්කෘතිය. සිංහල දමිළ සියලු දෙනා එකට සංස්කෘතික අංගයක් විදිහට සමරන මේ අවස්ථාවේ අපේ ඊළඟ පරම්පරාවට ඒක ආරක්ෂා කරල දෙන්න ඕන.

ඒ වගේම ඉතිරි මතු පරම්පරාවට දෙන්න ඕන ඒක තමයි අපේකම සහ අපේ බේස් එක අඩිතාලම.

අපි හැදුනේ එතනින් වැඩුණේ එතනින්. ඉතින් මං හිතනවා අභියෝගාත්මක වසරක් වගේ පෙනුනත් මේ අවුරුද්දේ ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද එය අභියෝග ජයග්‍රහණය කරගෙන සුබ අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා.

මං හිතන්නේ පළවෙනිම දේ තමයි ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. අතපසුවීම් ඕන කෙනෙක්ට වෙනවා. ඒ වෙච්ච අතපසුවීම් හදාගෙන ඉදිරියට යෑම තමයි අප කළ යුත්තේ .ඉතින් මං හිතන්නේ අපේ සංස්කෘතියෙන් අපි ඉගෙන ගන්නේ මේවා ආරක්ෂා කර ගන්නේ අන්න ඒ නිසයි.

අපේ ඉතිහාසයේ යම් අතපසුවීම් වෙන්න ඇති යම් වැරදි වෙන්න ඇති ඒවා හඳුනගන්න ඕන. ඒවා පිළිගන්න ඕනෑ. ඉතින් එතනින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාතියක් විදියට ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණයට මේ රටේ තරුණ පරම්පරාව ඉදිරියට යා යුතුයි.

පැහැදිලිවම ඉතාමත් දක්ෂ සහ නූතන පරම්පරාවට ඔබින තරුණ පරම්පරාවක් අපේ රටේ ඉන්නවා ඉතින් මම හිතන්නේ ඒ අයව අපි මේ රටේ අභිවෘද්ධයට ප්‍රායෝගිකව යොමු කරන්නේ කොහොමද යන කාරණා ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

ඒ අවස්ථාවල් ගොඩනගන්නේ කොහොමද ඒ අයව විශ්වාස කරන්නේ කොහොමද අපි අද දකින දේ තමයි තරුණයා කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමක් තියෙනවා.

යම් අඩු වැඩි වශයෙන් ඉතිහාසයේ තරුණ පරම්පරාව ඊට වගකිවයුතු වෙනවා.

1988- 89 භීෂණ සමය ගත්තත් 1983 කළු ජූලිය ගත්තත් මෑත 2022 අරගලය ගත්තත් ඒ සිද්ධි රට වැටීමට බලපෑවා.

ඒ හුදකලා සිදුවීම් කිහිපයක් නිසාත් සමස්ත රටක් ජාතියක් කඩන් වැටුනා. සමස්ත තරුණ පරම්පරාවම ඒ තුළ මනින්න බෑ.

ඒ හින්දා මං හිතන්නේ මේ තරුණයාගේ දක්ෂතාවයන් අපේ රටේ අනාගතය වෙනුවෙන් ගොඩනඟන්න රටක් ජාතියක් විදිහට අපි ඒකරාශී කරගෙන යා යුතුයි.