බෝට්ටු දෙකක් ගැටී සිදු වූ අනතුරෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට 

මන්නාරමේ – වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. 

අද (15) අලුයම මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී ධීවර ‌යාත්‍රා දෙකට දැඩි හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

බෝට්ටුව පෙරළීමෙන් ධීවරයෙක් දියේ ගිලී අතුරුදන් වූ අතර සෙසු අය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා මිය ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත.

අදාළ අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු මේ වනවිට මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැඩිදුරට විමර්ශන සිදු කරයි.