බොර තෙල් මිල යළි ඩොලර් 90 දක්වා පහළට

මැදපෙරදිග යුද උණුසුම මැද පසුගිය දිනවල ඩොලර් 100 ඉක්මවා තිබූ ලෝක බොර තෙල් මිල යළි ඩොලර් 90 සීමාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව, අද (15) උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.50ක් ලෙස දැක්වුණා.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 90.42ක් ලෙසයි.