අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කෙරේ

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පවතින අඩු විදුලි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.