අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබේ.

එක්සත් ජනපදය විසින් එම මාර්ගයේ ඇති බාධක ඉවත් කරමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

අමෙරිකානු නාවික හමුදාව විසින් සමුද්‍ර සන්ධිය හරහා ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මෙහෙයුම සඳහා ටෙහෙරානයේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කර නොමැත.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය ඉතා කඩිනමින් විවෘත වනු ඇති බව ට්‍රම්ප් පවසයි.

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේය.

Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් යළිත් අවධාරණය කර සිටියේ, එක්සත් ජනපදය විසන් ඉරානයේ නාවික සහ ගුවන් හමුදා බලය විනාශ කර ඇති බවයි.