උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, හෙට (13) මිනිස් සිරුරට දැනෙන උණුසුම එනම් “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද (12) ප.ව. 3.30ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.








