කොක්අඩිචෝලය, තාන්තාමලය ප්රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් වූ තාන්තාමලය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තම වගාවට ජලය යෙදීම සඳහා විදුලි මෝටරය සවිකිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොක්අඩිචෝලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.








