බටහිර ආසියාවේ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරි සංවාදය සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකා රජය සදහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනුයේ මෙය කලාපයේ උණුසුම් තත්ත්වය අඩු කිරීමට ගත් වැදගත් පියවරක් බවයි.
ස්ථිර විසඳුමක් සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
කලාපයේ සියලුම ප්රජාවන්ගේ දිගුකාලීන ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා වන සාම ක්‍රියාවලියක වැදගත්කමද ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
මෙම සටන් විරාමය සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් වූ පාර්ශ්වයන්ගේ කාර්යභාරය සහ උත්සාහයන්ද ශ්‍රී ලංකා රජය අගය කර තිබේ.








