ජනාධිපතිතුමනි හෙලයේ මහා සංස්කෘතික මංග්‍යලයට ඔබ සූදානම්ද?

හෙලයේ මහා සංස්කෘතික මංග්‍යලය වන සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව හෝරා කිහිපයකි. අතීතයේ සිට පැවත එන අවුරුදු මංග්‍යලය නැකත් වෙලාවක් අනුව රටේ සියලුම දෙනා එකට එක්ව එක නැකතකට චාරිත්‍ර සිදු කරන මංගල අවස්ථාවකි.

සිංහල බෞද්ධ ජනතාව මූලික කරගෙන පැවත්වෙන මෙම සංස්කෘතික මංග්‍යලය මෙරට සිංහල සංස්කෘතිය, එකමුතු භාවය, ආගමික නැඹුරුතාවය වැනි ගුණාංග ලොවටම ඉස්මතු කරන අවස්ථාවකි.

අද වන විට සමස්ථ රට වැසියාම දැඩි ජීවන බරක් මැද සමරන මෙවර අවුරුදු මංගල්‍යයේ ඔබ දක්වන නිහැඩියාව ගැන ගැමුණු පරපුර අපට ඇත්තේ පුදුමයකි.

සිංහල බෞද්ධ සංස්කෘතියකට හිමිකම් කියන ඔබ වැන්නෙක් රටේ ප්‍රධාන පුරවැසියා වීම අප ලද භ්‍යාගයක් වන අතර ඔබ වර්තමානයේ සිංහල බෞද්ධයාට හා සංස්කෘතියට දක්වන අඩු සැලකිල්ල ගැන ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය වශයෙන් අපට ඇත්තේ කණස්සල්ලක් හා දුකකි.

ඔබ රටේ ප්‍රධාන පුරවැසියා වෙමින් සර්වගාමික රටක් වන ශ්‍රීලංකාවේ හින්දු හා මුස්ලීම් ආගමික හා සංස්කෘතික උත්සවයන්ට සහභාගී වීම අප අගය කරන අතර සිංහල බෞද්ධ උත්සව කෙරේ ඔබ දක්වන අඩු සැලකිල්ල ගැන අපට ඇත්තේ වික්ෂිප්ත බවක් හා කණස්සල්ලකි.

පසුගිය වසරේත් සිංහල අවුරුදු උලෙලට ඔබ දැක්වූ උදාසීන බව මෙවරත් ඔබගෙන් දැක්නට ලැබීමත් මෙවර දක්නට ලැබෙන අතර ඔබ මෙවරද අවුරුදු සැමරීමෙන් වැලකී සිටින බවද අපට දැන ගන්නට ලැබී ඇත

රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් මෙවර සිංහල අවුරුදු චාරිත්‍ර ඔබගෙන් සිදු වනු දැකීමත් එමගින් මෙරට සංස්කෘතික ආගමික සහජිවනය වඩාත් ඔපවත් වනු ඇතයි අප විශ්වාස කරමු.

එමෙන්ම මෙවර අවුරුදු උත්සවයන්ට හා සංදර්ශනයන්ට දක්වා ඇති සීමාවන් ලිහිල් කර සිංහල බෞද්ධ ජනයා ප්‍රමුඛ සමස්ථ රටවැසියාට සතුට සෞභ්‍යගය සපිරුණු අවුරුදු මංගල්‍යයක් සැමරීමට ඉඩ ලබා දෙනු ඇතැයි ද ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය වශයෙන් අප බලාපොරොත්තු වෙමු

පුබුදු ගමගේ

ජාතික සංවිධායක

ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය