මෙම උත්සව සහ අලුත් අවුරුදු කාලයේ දරුවන් ගැන වැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
වැඩි වශයෙන් දෙමාපියන්ගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් දරුවන්ට හදිසි අනතුරු සිදුවීම් බහුලව සිදුවන බවත් එම අනතුරු වළක්වා ගැනීමට දෙමාපියන් අවධානයේ සිටින ලෙස ඔහු පවසයි.
එමෙන්ම අවුරුදු කාලයේදී දරුවන්ට සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සඳහා අවබෝධයක් ලබා දීමට දරුවන්ව ඒ සඳහා ඉදිරිපත් කිරීමටත් යොමු කරවන ලෙස වෛද්‍යතුමන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි එසේ නොමැතිවන විට දුරකතනය තුළ දරුවන් සිරවී සිටින බවද එතුමන් පවසයි.
මේ අතර, කැවුම් කිරිබත් වගේම දේශීය පලතුරු ආහාරයට ගැනීමට මෙන්න ඒ දේවල් දරුවන්ට හඳුන්වා දීම වැදගත් බවද එතුමා සඳහන් කරන්නට විය.
“අලුත් අවුරුද්ද සමරද්දී හැම අවුරුද්දකම වගේ දකින දෙයක් තමයි ඒ දවස්වලට අපේ දරුවො ගැන ටිකක් අවධානය අඩු වෙලා යනවා. දරුවන්ට තමන්ට ඕනි විදියට සෙල්ලම් කරන්න ඉඩ ලබා දීලා තියෙනවා.දරුවෝ සෙල්ලම් කරන්න ඕනි හැබැයි ගිණි කෙළි වගේ ඒවා දරුවො පාවිචිචි කරද්දී හැම අවුරුද්දකම වගේ දකිනවා ඇගිලි කඩාගෙන එන, දරුවෝ ඇස්වලට හානි කරගෙන එන දරුවෝ ඉතින් මේක මේ අවුරුද්දේ අපි අවම කර ගම්මු”
“අවුරුදු කාලෙදි තාත්තලා මත්පැන් පානය කරලා දරුවන් එක්ක පාරවල්වල වාහනවල ගමන් කරනවා. ඒ මගින් හදිසි අනතුරු බොහෝමයක් වැඩිවෙන කාලයක් ඊට අමතරව විනෝද ගමන් යන කාලයක් එතනදී දරුවො ගැන සැලකිලිමත් වෙන්න”








