මාර්තුවේ සංචාරකයින් 183,979 ක් දිවයිනට

මාර්තු මාසයේ මෙරටට සංචාරකයන් 183,979 දෙනෙකු පැමිණ ඇති අතර, එය පසුගිය වසරට සාපේක්‍ෂව 19.8% ක අඩුවීමක් බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ එම අගය 229,298 ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ද 277,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබුණා.