රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද (11) උදෑසන 8.00 ට අවසන් කරන බව එම සංගමය පවසනවා.
ඒ අනුව, ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධායක රැස්වීමේදී තීරණය කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
අද දින උදෑසන 8.00 ට පසුව රට පුරා රෝහල් පද්ධතිය තුළ සාමාන්‍ය පරිදි රාජකාරී සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








