හිටපු ජනපති මහින්ද සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශය අල්ලස් කොමිසම වෙත භාරදෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව, හිටපු ජනපතිවරයා විසින් ඊයේ (10) දිනයේ මෙම වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශය භාරදුන් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

දින 14 ක කාලයක් තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී තිබුණු අතර, එම දින 14 ක කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.