අද කාලගුණය – හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. 

අද  (11) දින දහවල් 12:11 ට පොම්පරිප්පු, අනුරාධපුර, මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව, අග්බෝපුර සහ සේරුනුවර යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.