මාර්තු මාසයේ මහපොළ වාරිකය සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැරකෙරේ

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) මඟින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරිකය ඊයේ (10) බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, මාර්තු මාසයට අදාළ රුපියල් 10,000 ක මාසික වාරිකය සිසුන්ගේ ගිණුම් වෙත බැර කර ඇති බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

ශිෂ්‍යත්ව ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හේතුවෙන්, මාර්තු මාසයේ වාරිකය නියමිත දිනටත් පෙර ශිෂ්‍යත්වලාභී සිසුන් වෙත ලබා දීමට හැකි වූ බව එම අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ ප්‍රකාශ කළා.