කුමාර වරු සුභ නැකතට රට අදුරට යවයිද?

ජනාධිපති තුමනි ඔබ ගල්අගුරු කෑවේ නැති වුනාට ගල්අගුරු වලින් කාපු අය ගැන සොයා බැලුවාද?

වර්තමාන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩි පාරේ යමින් එදා ඔහු ගෙනා පනත සම්මත කරමින් විදුලි බල මණ්ඩලය කෑලි කඩා වෙන්දේසි කර බව නොරහසකි.

ජාත්‍යන්තර මූලය්‍ය අරමුදල සහ ධනවාදී පන්තිය සමග ගණුදෙනු කරන සමාජවාදී ආණ්ඩුව තුලින් අප බලාපොරොත්තු වූයේ මේකද
ගල්අගුරු වංචාව සම්බන්ධයෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ජාතික ලැයිස්තුවෙන් ගෙනා මිතුරු බලශක්ති ඇමතිවරයා බේරා ගැනීමට කතා කරද විගණකාධිපති වාර්තාව විසින් ගල්අගුරු වාර්තාව බාල බව ඔප්පු වී හමාරය.

ජනාධිපතිතුමනි ඔබ පාර්ලිමේන්තුව නම් රාජසභාවේ පාලකයාය ප්‍රධානියාය. ඔබ රාජසභාවේ කවටයා නොවේය. ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය අප ඔබට නැවතත් සිහිගන්වන්නෙමුය.

මන්ද ඔබ ගල්අගුරු කාලා බලා ගෙන ආවේ නැහැ, තෙල් අඩුවට දෙන්න තමන් තෙල් ලිං හිමිකරුවෙක් නොවේය යන ප්‍රකාශ ඔබට දැන් සුදුසු නැත. ඔබට ඇත්තේ රටක උද්ගෝෂණ කිරීමේ හැකියාව පමණි. රටක් කරවීමේ අත්දැකීම් නැති බව අප දනිමු, දැන්වත් එම සම්ප්‍රධායෙන් මිදී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන්න. ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය අවදියෙන් ඔබ දෙස බලා සිටී
ලියාපදිංචි නොවූ සමාගමකිට ප්‍රසම්පාදන ටෙන්ඩරය ලබා දීමෙන් ගල්අගුරු බාල වීමත් මෙම ගල්අගුරු වල මිනිසාට මෙන්ම සත්ව සම්පතට හානිකර බව දැනට ඔප්පු වී හමාරය. එමෙන්ම ගල්අගුරු ප්‍රමිතිය පරික්ෂා කරන අම්පයර් සාම්පල් එක කිසිදු නැවකින් සිදු නොකර ඇත්තේ කොමිස් කුට්ටි අදාල පාර්වයන්ගේ සාක්කුවට ලබා දීම නිසා බව අපට පැහැදිලි වන්නේය.
මේ නිසා රජයට සිදු වූ හානිය මග හරවා ගැනීමට විදුලි බිල ඉහල දමා ජනතාව පීඩාවට පත් කිරීම ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය කිසිදා එකග වන්නේ නැත
තවද සිංහල අලුත් අවුරුද්ද ආසන්නයේ ගෑස් මිල, ඉන්ධන, විදුලි ගාස්තු ඉහල යෑමත් පවතින ගල් අගුරු බාල වීමත් ඉදිරියට ඇති විය හැකි තත්වයන් මත ඩීසල් මගින් විදුලිය නිපදවීමට ආණ්ඩුව සූදානම් අතර එහි සියලු බරපැන ජනතාව මත පැනවෙනු ඇති බව අපට පෙනේ.
එසේ නැතහොත් සිදුවන විදුලි කප්පාදු නිසාද පීඩාවට පත්වන්නේ අසරණ ජනතාවමයි.

එම නිසා අධික බදුබර හා බඩුමිල ඉහල යෑම නිසා පීඩිතව සිටින ජනතාව වෙනුවෙන් බාල ගල්අගුරු වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට දඩුවම් ලබා දෙන ලෙසත් දූෂිත ඇමතිවරයා බලයෙන් පහ කරන ලෙසටත් ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය ජනාධිපති තුමා ප්‍රමුක ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
පුබුදු ගමගේ
ජාතික සංවිධායක _ ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය