සිංහල අවුරුදු සමය උදා වී ඇතත් ජනතාව බඩුමිල ඉහල යාම සහ අතවශ්‍ය ද්‍රව්‍යය හිග නිසා පෝලිම් වල දුක් විදීමට යලිත් සිදු වී ඇත.

2026-4-7 දින ජනාධිපති වරයා සහන මල්ලක් රැගෙන පාර්ලිමේන්තුව ඇමතුවද ජනතාවට සිදු වූ සහනය ගැන ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරයට ඇත්තේ කුතුහලයක් පමණි

රටේ මේවන විට ඇති වී ඇති මේ තත්වයට මෙවැනි තාවකාලික විසදුම් නොව දැන් ඇවැසි වන්නේ උපාය මාර්ගික සැලසුම් සහිත ප්‍රතිපත්ති මාලාවක් බව අප දැඩි සේ විශ්වාස කරනවා
රටේ නායකයාගේ වගකීම විය යුත්තේ පිනට කන ජනතාවක් බිහි කිරීම නොව ආර්ථික තත්වයක් සහිත ජනතාවක් නිර්මාණය කිරීමයි
එවන් පසුබිමක රජයේ අස්වැසුම මගින් නඩත්තු වන පිරිසට පමණක් එම දීමනාව මෙම මස වැඩි කරමින් වැය කරන්නේ රටේ ජනතාවගේ බදුමුදල් ම නොවේද? රටේ ආර්ථික තත්වය අයහපත් මෙම කාලයේ ඇත්තටම සිදු විය යුත්තේ පිනට කන ජනතාවගේ දීමනා වැඩි කිරීමද නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන්නාට බදු සහන ලබා දීම නොවේද යන්න අප රජයෙන් ප්‍රශ්න කර සිටිනවා

එමෙන්ම රටට වැඩිම වීදේශ විනිමයක් ගෙන එන මැදපෙරදිග බෝම්බ අහස යට රැකියා කරන කම්කරුවා අමතක කිරීමට තරම් රජය කටයුතු කිරීම අප තරයේ හෙලා දකිනවා
එලෙසම අප රටේ භූමියේ පිහිටීමත් සමගම එහි ඇති වැදගත්කම නිසා ගිවිසුම් ගතව ඇති ඇමරිකන් ඉන්දූ ජපන් යුධ ගිවිසුම් වලින් ඉවත් විය යුතු වත් අප දැඩි සේ මතක් කර සිටිනවා
එලෙසම ජාත්‍යන්තර මූල්‍යය ආරමුදල සමග සාකච්චා කර ණය ප්‍රතිචක්ක්‍රියකරණ සදහා සමාලෝචනයක නිරත වන ලෙසත් අප ආණ්ඩුවට මතක් කර සිටිනවා. පසූගිය දිට්වා බලපෑම සහිත වෙලෙත් අප දිගෙන් දිගටම ආණ්ඩුවට මේ සම්බන්දයෙන් බලපෑම් කර අතර නිහඩව සිටි ආණ්ඩුවට අප මෙවරත් කියා සිටින්නේ ණය ප්‍රතිචක්ක්‍රියණයක් සදහා අයිඑම්ෆ් සමග සාකච්චා කරන ලෙසටය

එලෙසම දිවයිනේ රැදී සිටින වීසා කාලය ඉක්මවූ විදේශිකයින් විශේශයෙන් ඊශ්‍රාලය ජාතිකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අප මතක් කර සිටිනවා
ගල්අගුරු වංචාවේදී ගල්අගුරු තමන් කාලා බලලා ගෙනාවේ නෑ කියමින් පාර්ලිමේන්තුවේ විහිලූ සපයන ජනාධිපති වරයාට අප පවසාසිටින්නේ තමුන් ගල්අගුරු කෑවේ නැති වුනාට ගල්අගුරු කොන්ත්‍රාත්තුවෙන් ගසා කාපු අය ගැන සොයා බලන ලෙසටත්ය.
ඉන්ධන සහනාධාර බොරු මිල සූත්‍ර ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ කයිවාරු ගසන ජනාධිපති වරයාට අප පවසන්නේ දිට්වා ව්‍යයසනයෙන් බැට කෑ ජනතාවට දුන් බොරු පොරොන්දු මල්ල මෙවරත් ජනතාවට ලබා නොදී උපායමාර්ගික සැලැස්මක් ඔස්සේ රටටත් ජනතාවටත් විනිවිද භාවයකින් සහන ලැබෙන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසටත්ය
පුබුදු ගමගේ
ජාතික සංවිධායක _ ගැමුණු පරපුර ජාතික ව්‍යයාපාරය