පාර්ලිමේන්තුව අද දිනයේත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න යොමු කිරීම සඳහා වෙන් කර තිබෙනවා.

පෙරවරු 11.30 සිට පස්වරු 2.00 දක්වා යුද්ධ හමුදා පනත, නාවික හමුදා පනත සහ ගුවන් හමුදා පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව, 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.