පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍යවරුන් 436 දෙනෙකු සඳහා ඔවුන්ගේ නව පත්වීම් සහ සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, අදාළ වෛද්‍යවරුන් අද (09) සිට එළැඹෙන 11 වැනිදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතන වෙත වාර්තා කළ යුතු බවයි වාර්තා වන්නේ.
මෙම නවක වෛද්‍යවරුන් සිය පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය පදනම් කර ගනිමින්, විනිවිදභාවයකින් යුතු විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම අනුයුක්ත කිරීම් සිදු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.








