ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ දූත පිරිස අද (09) ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මෙම සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් පසුගිය මාර්තු 26 වැනිදා මෙරටට පැමිණ තිබුණා.
මෙම මෙහෙයුම මගින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය තක්සේරු කර මූල්‍ය සහාය ලබාදීමේ මීළඟ පියවර තීරණය කරනු ඇති.
මෙම සමාලෝචන සාර්ථක වීම හරහා ණය පහසුකමේ මීළඟ වාරිකය මුදා හැරීමට අදාළ නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.
මේ අතර පෙරේදා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පස්වන සහ හයවන මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට අද අත්සන් කිරීමට හැකිවනු ඇති බවයි.







