ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා – අමාත්‍ය බිමල් රත්නායක

ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

රුපියල් මිලියන 424 ක පිරිවැයකින් ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේයි මෙම මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය සිදු කෙරුණේ.