කොටුව දුම්රිය ස්ථානය නවීකරණය අද ඇරඹේ

කොටුව දුම්රිය ස්ථානය නවී­ක­ර­ණය කිරීමේ කට­යුතු අග්‍රා­මාත්‍ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (09) පෙර­වරු 8.00 ආරම්භ කෙරේ. ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ආධාර යටතේ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2ක විය­ද­මින් මෙහි කට­යුතු නවී­ක­ර­ණය කෙරේ. කොටුව දුම්රිය ස්ථානයේ පව­තින පෞරා­ණි­ක­ත්ව­යට හානි­යක් නොවන අයු­රින් සිදු කෙරෙන නවී­ක­ර­ණය කට­යුතු මාස 15ක් තුළ අව­සන් කිරී­මට නිය­මි­තය.

මෙහිදී මගීන්ට නවීන පහ­සු­කම් සපයා දෙමින් නවී­ක­රණ කට­යුතු සිදු කෙරේ. මගී පාලම් දෙකක්, විදුලි සෝපාන, නවීන වැසි­කිළි, නැවතී සිටීමේ ස්ථාන, නවීන ආප­ණ­ශාලා ඇතුළු පහ­සු­කම් ගණ­නා­වක් ස්ථාපිත වනු ඇත.

දුම්රිය මගී ජන­තා­වට වඩාත් සුව­ප­හසු ගම­නා­ග­මන සේව­යක් ලබා­දීමේ අර­මු­ණින් මෙම නවී­ක­රණ කට­යුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

සුභා­ෂිණී සේනා­නා­යක