අලුත් අවුරුදු ක්‍රීඩා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

උත්සව සමයේ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

කොට්ට පොර ගැසීම, කනා මුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පාපැදි තරග, පිහිනුම් සහ ඔරු පැදීමේ තරග, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, ලිස්සන ගහේ නැගීම, කඹ ඇදීම සහ ගෝනි පැනීම වැනි තරගවලට සුවිශේෂී අවධානයක් යොමු කරමින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩාවන් හි පවතින දැඩි තරගකාරිත්වය හමුවේ අනතුරු සිදුවීමේ සහ බරපතළ වෛද්‍යමය තත්ත්වයන් උද්ගත වීමේ හැකියාවක් පවතින බැවින්, සහභාගි වන්නන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ මාර්ගෝපදේශ මාලාව මෙම සබැඳියෙන් ලබා ගත හැකියි.