හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ යෝජනාවක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ (07) කැඳවා තිබුණා.
එක්සත් ජනපදය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මෙම යෝජනාවට චීනය සහ රුසියාව විසින් නිෂේධ බලය භාවිතා කරමින් සිය විරෝධය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර, රටවල් දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
කෙසේ නමුත්, ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි ස්ථාවර සාමාජික රටවල් දෙකක් වන චීනය සහ රුසියාව මෙයට එරෙහි වීම හේතුවෙන් එම යෝජනාව සම්මත වී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.








