හිටපු සභා­පති සහ අධ්‍යක්ෂ ජන­රාල් රිමාන්ඩ්

ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථාවේ අනු­මත කාර්ය මණ්ඩ­ලය ඉක්මවා අනී­තික අයු­රින් සේව­ක­යන් 06 දෙනෙකු බඳවා ගත් බවට සිදු කළ විම­ර්ශ­න­ය­කට අදා­ළව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ රූප­වා­හිනී සංස්ථාවේ හිටපු සභා­පති උපාලි සරත් කෝන්ග­හගේ සහ හිටපු අධ්‍යක්ෂ ජන­රාල් සිරිල් දේව­ප්‍රිය අබේ­සිංහ යන දෙදෙනා ලබන 17 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අලු­ත්කඩේ අංක 07 අධි­ක­ර­ණයේ අති­රේක මහේ­ස්ත්‍රාත් ආර්.ඩී. ජානක මහතා නියෝග කළේය.

එව­කට ජන­මාධ්‍ය අමා­ත්‍ය­ව­රයා වූ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලය සම්පූ­ර්ණව තිබිය දී නීත්‍ය­නු­කූල නොවන ලෙස අනු­යුක්ත කර සංස්ථාව මඟින් එම සේව­ක­යින්ට වැවුප් හා දීමනා ලෙස රු: 14,325,422.83 ක මුද­ලක් ගෙවී­මට කට­යුතු සලස්වා දූෂ­ණය නැමති වරද සිදු කිරීම සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගත් බව සැක­ක­රු­වන් ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

පළමු සැක­කරු හැරු­ණු­කොට අනෙ­කුත් සැක­ක­රු­වන් බඳවා ගැනි­මේදී සම්මුඛ පරී­ක්ෂ­ණ­වත් සිදු කර නැතැයි සැක­ක­රු­වන් ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් ඇප ඉල්ලී­මක් සිදු කළ ද එම ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් සැක­ක­රු­වන් දෙදෙනා ලබන 17 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

මෙම පුද්ග­ල­යන් බඳවා ගැනී­මේදී අධ්‍යක්ෂ මණ්ඩල අනු­මැ­ති­ය­වත් ලැබී නැති බව සිදු කළ විම­ර්ශන මඟින් අනා­ව­ර­ණය වී තිබෙ­නවා. පළමු සැක­කරු වන සරත් කෝන්ග­හගේ යන අය විසින් දෙවන සැක­ක­රුට ලිපි­යක් ලබා දෙමින් මෙම පුද්ග­ල­යන් බඳවා ගන්නා ලෙස දැනුම් දී තිබෙ­නවා යැයි අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන අව­සන් නැහැ. තවත් සාක්ෂි ලබා ගැනී­මට තිබෙ­නවා. සැක­ක­රු­වන් ඇප මත මුදා හැරි­ය­හොත් සාක්ෂි වසන් කිරී­මට කට­යුතු සිදු කරාවි යැයි පව­ස­මින් අල්ලස් කොමි­සම සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටියේ මෙම සිද්ධිය කාල­යක් ගත වූ සිද්ධි­යක් බවය. තම සේවා දාය­ක­යන් සේවයේ යෙදෙන්නේ නැති බව කී නීතිඥ මඬුල්ල සාක්ෂි­ක­රු­වන්ට බල­පෑම් සිදු කිරි­මට කිසිදු හැකි­යා­වක් නැතැයි කියා සිටි­යේය. ඒ අනුව සැක­ක­රු­වන් සුදුසු ඕනෑම ඇප­යක් මත මුදා හරින ලෙසත් නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

සියලු කරු­ණු­ව­ලට සවන් දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඇප ප්‍රති­ක්ෂේප කර­මින් සැක­ක­රු­වන් ලබන 17 තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එදි­නට වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස ද නියෝග කළේය.

සුභා­ෂිණී සේනා­නා­යක