ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා විසින් වාර්තා කර තිබේ .
එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මෙම තත්ත්වය වාර්තා වී තිබෙන බවට සදහන් වේ .
ඒ අනුව, රන් මිල 2.3% කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇත .
මේ අතර අනෙකුත් ලෝහ අතර, රීදි මිල සියයට 4.3කින් ඉහළ ගොස් ඩොලර් 76.08ක් දක්වා වැඩි වී ඇති අතර, ප්ලැටිනම් සහ පැලේඩියම් මිලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.








