මෙරට නිල සංචිත වත්කම් 3.5%කින් පහතට

2026 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,270ක් වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2026 මාර්තු මාසය වන විට සියයට 3.5කින් පහත වැටී අමෙරිකානු ඩොලර් මිලියන 7,019ක් දක්වා අඩු වී තිබෙනවා.

චීන මහජන බැංකුව (People’s Bank of China) සමග ඇති කරගත් මුදල් හුවමාරු (Swap) පහසුකම ද මීට ඇතුළත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව සඳහන් වෙන්නේ.