අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල හරහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සඳහා ලබා දෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් තාවකාලිකව ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙසට එම දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවත්, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවා සහ පෙරටු කාර්යාල සේවාවන් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බවත්, පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.








