අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයක් ප්රකාශයට පත් කිරීමත්, ඒ සඳහා ඉරානය සිය එකඟතාව පළ කරමින් නිවේදන නිකුත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්රයෙන් පහත වැටී තිබෙනවා.
ඒ අනුව, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල 14.47%කින් අඩු වී ඩොලර් 93.46 ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල 14.58%කින් පහත වැටී ඩොලර් 96.48 ක් ලෙස දැක්වුණා.
කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 28 වැනිදා මැදපෙරදිග කලාපීය ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල ගණන්වලට වඩා බොරතෙල් මිල තවමත් ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
අද උදෑසන 6.00 ට පැවති තත්ත්වය පහතින්.









