සහ­රාන් ගැන විම­ර්ශන නැවැ­ත්වූයේ මුජි­බර් රහු­මාන්

සහ­රාන් පිළි­බඳ 2016 වසරේ කෙරුණු විම­ර්ශන නැවැ­ත්වූයේ මුජි­බර් රහු­මාන් යැයි පිවි­තුරු හෙළ උරු­මය පක්ෂ නායක උදය ගම්ම­න්පිල මහතා පැවැ­සීය.

“2019 පාස්කු ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­න­යේදී ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය සොයා ගන්නවා ඉන්දි­යාවේ සිටින සෙයින් ෂාහන් නිසාම් හෙවත් සෙයින් මවු­ලානා නමැති අය සමඟ මුජි­බර් රහු­මාන් සබ­ඳතා පව­ත්ව­නවා කියලා.” යැයිද උදය ගම්ම­න්පිල මහතා පව­සයි.

පාස්කු ප්‍රහා­රයේ මහ මොළ­කරු සම්බ­න්ධ­යෙන් තමන් සිදු­කළ පර්යේ­ෂ­ණා­ත්මක ග්‍රන්ථයේ කරුණු පිළි­බඳ ප්‍රසිද්ධ විවා­ද­ය­කට පැමි­ණෙන ලෙස ද ඔහු මුජි­බර් රහු­මාන් මහ­තාට අභි­යෝග කරයි.

උදය ගම්ම­න්පිල මහතා මෙම කරුණු සඳ­හන් කරනු ලැබුවේ පක්ෂ කාර්යා­ලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැ­සීය.

“පාස්කු ප්‍රහා­රයේ මහ මොළ­කරු ගැන පොතක් ලිව්ව නිසා රාජ­ප­ක්ෂලා බේරා ගන්න පොත් ලිය­නවා යනාදී වශ­යෙන් මඩ ගහ­නවා. නමුත් මගේ පොතේ නිග­ම­නය වැර­දියි, විවිධ කුම­න්ත්‍රණ න්‍යායන්ට පිළි­තුරු ලබා දුන්නු ආකා­රය වැර­දියි කියලා කවු­රු­වත්ම කියන්නේ නෑ. ඒ නිසා පද­නම් විර­හිත පහර දීම් මගේ පොතේ නිර­ව­ද්‍ය­තා­වට ලැබෙන සහ­තික ලෙසයි මම සල­කන්නේ. වසර පහක් පුරා ඉතාම සැල­සු­ම්ස­හ­ග­තව ගොඩ නැඟූ මහ මොළ­කරු ප්‍රෝඩාව එක පොත­කින් සුනු විසුනු වී යෑමේ වේද­නාව අපට තේරුම් ගන්න පුළු­වන්.

මුජි­බර් රහු­මාන් මන්ත්‍රි­තුමා පසු­ගිය සෙන­සු­රාදා මාධ්‍ය හමු­වක් පව­ත්වලා පාස්කු ප්‍රහා­රයේ මහ මොළ­කරු සොයා යෑම නමින් මා නිකුත් කළ පොත පිළි­බඳ පච අහු­රක් විසි කළා. ඒ පච සිය­ල්ල­ටම පිළි­තුරු දීලා මේ පොත නිකුත් කිරී­මෙන් මුජි­බර් මන්ත්‍රි­තු­මාට හිත රිදුණේ ඇයි කියන එකත් පැහැ­දිලි කිරීම මගේ යුතු­ක­මක්.

මලිත්ට ගැහු­ව්වාම චංචලා අඬන්නේ ඇයි කියලා කිය­ම­නක් තිබෙ­න­වානෙ. ඒ වගේ මාලිමා ආණ්ඩුවේ බොරු­වක් හෙළි­ද­රවු කළාම මුජි­බර්ට රිදන්නේ ඇයි කියන ප්‍රශ්නය අහන්න වෙනවා. ආණ්ඩුව බොරු කර­නවා කියන එක හෙළි­ද­රවු කරලා ආණ්ඩුව අසී­රු­තා­වට පත් වුණාම වඩාත්ම සතුටු වෙන්න ඕනෑ ප්‍රධාන විප­ක්ෂය.

සජබෙ කොළ පාට තොප්පිය දාගෙන හිටි­යත් මුජි­බර්ගේ හිස තව­මත් තිබෙන්නේ ජවිපෙ කියන එකයි ඒකෙන් පේන්නේ.

1999 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී අද සජබ ඉන්නා සාති­ශය බහු­ත­රය සහ­යෝ­ගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේ­ක්ෂ­ක­යාට. නමුත් මුජි­බර් රහු­මාන් මන්ත්‍රි­තුමා සහය ලබා දුන්නේ එජා­ප­යට නොවේ. ජවි­පෙට. ඒ තමයි මුජි­බර් මන්ත්‍රි­තු­මාගේ හද­වතේ පක්ෂය. සජබ කියන්නේ තමන්ට මැති­ව­ර­ණය දිනන්න ඕනෑ නිසා තමන් ඉන්නා පක්ෂ­යක් විත­රයි.

ඒ විත­රක් නොවේ. පොලිස් ලොක්කෙක් මුජි­බර්ව පොලිස් විම­ර්ශ­න­ය­කින් බේරා ගත්තා. 2019 පාස්කු ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­න­යේදී ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය සොයා ගන්නවා ඉන්දි­යාවේ සිටින සෙයින් ෂාහන් නිසාම් නොහොත් සෙයින් මවු­ලානා අය සමඟ මුජි­බර් රහු­මන් සබ­ඳතා පව­ත්ව­නවා කියලා. සෙයින් මවු­ලානා කියන්නේ ජාත්‍ය­න්තර පොලී­සියේ රතු වරෙ­න්තු­කා­ර­යෙක්. මේ නිසා මුජි­බර් රහු­මන් කියන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි­ව­ර­යා­ගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට අවශ්‍ය වෙනවා. නමුත් පොලිස් ලොක්කෙක් මැදි­හත් වෙලා ඒක නව­ත්ව­නවා. සහ­රාන් මහ මොළ­කරු කිව්වාම මුජි­බර්ට රිදෙන්නේ ඒ නිසා වෙන්නැති.

ඉන්දි­යාවේ ගුජ­රාත් ප්‍රාන්තයේ ගුජ­රාත් ත්‍රස්ත විරෝධි බළ­කාය විසින් 2024 මැයි මාස­යේදී ශ්‍රී ලාංකික අයි­එස් ත්‍රස්ත­වා­දීන් හත­ර­දෙ­නෙක් අහ­ම­දා­බාද් නග­ර­යේදී අත්අ­ඩං­ගු­වට ගන්නවා. ඒ අය ඉන්දි­යාවේ ත්‍රස්ත ප්‍රහාර සැල­සුම් කර­මින් ඉන්නා අතරේ අත්අ­ඩං­ගු­වට ගන්නේ. මේ අය කලින් සහ­රාන්ගේ ජාතික තව්හීද් ජමාත් සාමා­ජි­කයෝ. මේ අයත් මුජි­බර් රහු­මාන් සබ­ඳතා පව­ත්වන සෙයින් මවු­ලානා සමඟ සම්බ­න්ධතා පව­ත්වලා තිබෙ­නවා.

මුජි­බර් මන්ත්‍රි­ව­රයා අන්ත­වාදි ත්‍රස්ත­වා­දීන් බේරා ගන්න ඉදි­රි­පත් වුණු පළමු අව­ස්ථාව මේක නොවේ. 2016 නොවැ­ම්බර් 18 දා එව­කට අධි­ක­රණ අමාත්‍ය විජේ­දාස රාජ­පක්ෂ මැති­තුමා පාර්ලි­මේ­න්තු­වට මුස්ලිම් අන්ත­වා­දය ගැන වැද­ගත් අනා­ව­ර­ණ­යක් කළා. ඒ තමයි ලාංකි­ක­යින් 32ක් අයි­එස් ත්‍රස්ත­වා­දය වෙනු­වෙන් සටන් කිරී­මට සිරි­යා­වට ගිහින් ඉන්නා බව. ඒ වගේම ලංකාවේ ඉස්ලාම් අන්ත­වා­ද­යක් පැති­රෙ­මින් පව­තින බවට එතුමා අන­තුරු ඇඟෙව්වා. එතු­මාට ඒ කතාව කරන්න අවශ්‍ය තොර­තුරු ලැබුණේ බුද්ධි අංශ­ව­ලින්.

එදා ඒ කතාවේ කියූ කරුණු ගැන සොයා බැලී­මක් කළා නම් 2019දී පාස්කු ප්‍රහා­රය වළක්වා ගන්න තිබුණා. නමුත් ඒ වෙනු­වට කළේ මුජි­බර් රහු­මාන් මන්ත්‍රි­ව­රයා විජේ­දාස ඇමැ­ති­තු­මාට කොරහේ කිඹු­ලන් දකි­නවා. මුස්ලිම් සමා­ජ­යට බොරු චෝදනා නඟ­නවා කියලා දැඩි ප්‍රහා­ර­යක් දීලා එතු­මාව නිහඬ කර­නවා. අව­සා­න­යේදී අධි­ක­රණ ඇමැති ධුර­යෙ­නුත් ඉවත් කර­නවා.

බුද්ධි අංශ නැ‍ඟී එන මුස්ලිම් අන්ත­වා­දය ගැන කරුණු වාර්තා කළත් මුස්ලිම් මන්ත්‍රි­ව­රු­න්ගෙන් එල්ල වුණු පීඩ­නය නිසා ඒ ගැන ආණ්ඩුවේ නිසි සැල­කි­ල්ලක් යොමු වුණේ නෑ. ඒ නිසාම තොර­තුරු තිබි­යදී පාස්කු ප්‍රහා­රය වැළැ­ක්වී­මට පිය­වර ගන්න බැරි වුණා කියලා විම­ර්ශන කොමි­ෂන් සභා­වේදී හෙළි වෙනවා. මේ ගැන මගේ පොතේ පැහැ­දි­ලිව විස්තර කර තිබෙ­නවා.

මුජි­බර් මන්ත්‍රි­තුමා මගේ පොත් නිකු­තු­වෙන් පස්සේ භූමි­තෙල් වැදුණු ගැර­ඬි­යෙක් වගේ දඟ­ලන්නේ මගේ පොතෙන් යෝජනා කරන විධි­යට සමාජ අව­ධා­නය අප අතරේ සිටින ඇවි­දින බෝම්බ­ව­ලට යොමු වුණොත් මුජි­බ­ර්ලාගේ අන්ත­වාදි ව්‍යාපෘ­තිය ඉදි­රි­යට කර­ගෙන යන්න බැරි වෙනවා.

මුජි­බර් රහු­මන් මන්ත්‍රි­තු­මනි, 2016 දී මුස්ලිම් අන්ත­වා­දය පිළි­බඳ සහ­රා­න්ලාට එරෙ­හිව ආණ්ඩුව පිය­වර ගන්නා එක නව­ත්වලා පාස්කු ප්‍රහා­ර­යට පාර කැපුවේ ඔබයි. පාස්කු ප්‍රහා­ර­යෙන් මිය­ගිය සෑම කෙනෙ­කුගේ ලේ ඔබේ දෑතේ ගෑවිලා ඉව­රයි. දැන් අන්ත­වා­ද­යට විරුද්ධ වෙලා ඒ ලේ සෝදා ගන්න කාලය හරි කියලා අපි මුජි­බර් මන්ත්‍රි­තු­මාට සිහි­පත් කර­නවා. තව තවත් අහිං­සක මුස්ලිම් තරු­ණ­යින් අන්ත­වා­ද­යට තල්ලු කරලා අපේ මවු­බිම නැවත වතා­වක් ලෙයින් තෙත් කරන්න එපා කියලා අපි ඉතාම කරු­ණා­වෙන් ඉල්ලා සිටි­නවා”.

රන්මලී සෝම­සිරි, මහින්ද අලු­ත්ගෙ­දර