වටගල එපා කී වැටලීම් කරන්නැයි ඇමති ආනන්දගෙන් උපදෙස්

තම පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ක්‍රියාත්මක නොවන්නේ නම් වෙනත් ඕනෑම පොලිස් කොට්ඨාසයකින් පැමිණ අදාළ වැටලීම සිදුකළ හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා වූ ජාතික සභාවේ කුරුණෑගල දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ වැඩසටහනට ඊයේ (06) එක්වෙමින් විෂයභාර අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව කියා සිටියා.

පසුගියදා පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ කිසිදු පොලිස් ස්ථානාධිපතිවරෙයෙකුට තම බල ප්‍රදේශය ඉක්මවා වෙනත් බල ප්‍රදේශයක වැටලීම් සිදුකළ නොහැකි බවයි.

කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමසා සිටියා.