පාර්ලි‍මේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න සඳහා ද වෙන් කර තිබෙනවා.

පෙරවරු 11.30 සිට පස්වරු 4.45 දක්වා කාලය තුළ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 4.45 සිට 5.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.