ඇමැති නලින්ද GMOA හමුව 9දා

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මය අතර ලබන 09 වැනිදා සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට නිය­මිත බව රජයේ ‍වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා පැව­සීය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය රට පුරා රජයේ රෝහ­ල්වල ක්‍රියා­ත්මක කළ සංකේ­තා­ත්මක වැඩ වර්ජ­නය තාව­කා­ලි­කව ඊයේ (06) අත්හි­ටු­වනු ලැබීය.

සංග­මයේ ගැටලු සාකච්ඡා කිරී­මට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා අව­ස්ථා­වක් ලබා­දීම පද­නම් කර ගනි­මින් දින කිහි­ප­යක් සිදු කළ මෙම සංකේ­තා­ත්මක වැඩ වර්ජ­නය ඊයේ (06) උදෑ­සන 8.00ට

තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට තීර­ණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුග­ත­දාස මහතා පැව­සීය. සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර සෞඛ්‍ය සමු­ළු­වට සහ­භාගී වීම සඳහා ඊයේ (06) මෙර­ටින් පිටත්ව ගියේය.

අමා­ත්‍ය­ව­රයා නැවත මෙර­ටට පැමිණි පසුව අනිද්දා (09) සංග­මය සමඟ ගැටලු සාක­ච්ඡා­වට අව­ස්ථා­වක් ලබාදී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරු­ණා­රත්න