අවු­රු­ද්දට ගමේ යන්න 09දා සිට විශේෂ බස්-දුම්රිය

සිංහල දෙමළ අලුත් අවු­රුද්ද සඳහා ගම්බිම් බලා යන ජන­තා­වගේ පහ­සුව වෙනු­වෙන් බස් රථ මෙන්ම දුම්රිය විශේෂ සේවා ලබන 09 වෙනිදා සිට ක්‍රියා­ත්මක කිරී­මට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය සැල­සුම් කර ඇත.

ඒ අනුව අති­රේක බස්රථ 1500ක් යොදවා ඇති බව ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සභා­පති සජීව කන්න­න්ගර මහතා ප්‍රකාශ කළේය.

කොළඹ මධ්‍යම බස්නැ­ව­තු­ම්පොලේ සිට හැටන්, බදුල්ල, මහ­නු­වර, බණ්ඩා­ර­වෙල, අනු­රා­ධ­පුර, ත්‍රිකු­ණා­ම­ලය, යාප­නය, හලා­වත හා පුත්ත­ලම ආදී ගම­නාන්ත රැස­කට බස් රථ ධාව­න­යට සැල­සුම් කර ඇත.

අධි­වේගී මාර්ගය ආශ්‍රි­තව ද විශේෂ සේවා ක්‍රියා­ත්මක වන අතර ගාල්ල සහ මාතර ගම­නාන්ත වෙත ප්‍රමු­ඛ­තාව ලබා දී ඇති අතර මීට සම­ගා­මීව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව ද ලබන බ්‍රහ­ස්ප­තින්දා සිට අලුත් අවු­රුදු විශේෂ ප්‍රවා­හන සේවා ආරම්භ කිරී­මට මගී අව­ශ්‍යතා අනුව දුම්රිය ධාව­න­යට සැල­සුම් කර ඇති බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී රවීන්ද්‍ර පද්ම­ප්‍රිය මහතා පැවැ­සීය.

ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ ඉල්ලීම මත ප්‍රධාන ගම­නා­න්ත­වල සිට ධාව­න­යට එක් කිරී­මට බස්නා­හිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය අම­තර බස් ඇණි­යක් සූදා­නම් කර ඇතැයි එහි සභා­පති ගාමිණී ජය­සිංහ මහතා සඳ­හන් කළේය.

උඩ­රට දුම්රිය මාර්ගයේ දුම්රිය ගම­නා­ග­මන කට­යුතු අඩා­ළව පව­තින නිසා එයද සැල­කි­ල්ලට ගනි­මින් ලංගම මූලි­ක­ක­ර­ගත් බස් සේවා ක්‍රියා­ත්මක කරන බව ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා පැවැ­සීය.

ඉන්ධන අර්බු­දය හැකි පම­ණින් කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට රජය කට­යුතු කර තිබෙන බවත් ඒ සඳහා ජන­තාව ලබා­දෙන සහය අගය කරන බවත් ඒ මහතා එහිදී කීවේය.

පව­තින අර්බු­දය නිවැ­රැ­දිව තේරුම් ගෙන ජන­තාව අර­පි­රි­මැ­ස්මෙන් යුතුව ඉන්ධන පරි­භෝ­ජ­නය කරන තත්ත්ව­යක් පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබෙන බව ද ගුණ­සේන මහතා පැව­සු­වේය.

අලුත් අවු­රුදු සමයේ වෙනදා මාර්ග­වල දක්නට ලැබෙන වාහන ප්‍රමා­ණය අද දකි­න්නට නොලැ­බෙන බවත් ජන­තාව රජයේ ඉල්ලී­මට කන්දී පොදු ප්‍රවා­හන සේවා භාවි­ත­යට වැඩි­පුර යොමුව තිබෙන බවත් හෙතෙම අව­ධා­ර­ණය කළේය.

මෙම පසු­බිම තුළ පොදු ප්‍රවා­හන සේවා කිසිදු ආකා­ර­යෙන් අඩාළ නොවී පව­ත්වා­ගෙන යෑම රජයේ වග­කීම බවත්, එය නිවැ­ර­දිව තේරුම් ගනි­මින් අලුත් අවු­රුදු සමයේ විශේෂ බස් සේවා ක්‍රියා­ත්මක කිරී­මට පිය­වර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.

සුභා­ෂිණී සේනා­නා­යක, අසේල කුරු­ළු­වංශ, මධ්‍යම පළාත් විශේෂ